21052024Tue
Last update:Wed, 08 May 2024

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට අධික වර්ෂාව හා මීදුම

weatherමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ  ජල විදුලිබලාගාර වලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට්ටම අද (05) දහවල් වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.

මේ අතර අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අද (05) දිනයේ වතු කිහිපයක තේ දළු නෙළීම අත්හිටුවීමටද වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබිණී.

වර්ෂා තත්ත්වයත් සමඟ හැටන් නුවරඑළිය හා හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වලට පස් කඳු කඩා වැටීමේ අවධානමක්  සමඟ අධික මීදුම් සහිත තත්ත්වයක්  පැවතීම නිසා  විශේෂ අවධානයෙන් වාහන පදවන  ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.