30042024Tue
Last update:Thu, 18 Apr 2024

දිවයින පුරා තවදුරටත් වැසි

rain falling backgroundඅපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වුනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ සබරගමුවපළාත් වලඋදය කාලයේදීද වැසි ඇති විය හැකි බවයි.

සමහර ස්ථාන වලට තද වැසිද(මිලී මීටර් 100 ට වඩා) ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද සදහන්.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ සබරගමුවපළාත් වලඋදය කාලයේදීද වැසි ඇති විය හැක. 

සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටන් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී.50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින්, එමමුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.