16072024Tue
Last update:Wed, 08 May 2024

සමුද්‍රීය හා නාවික සතියේ සමාරම්භක ලාංඡනය ජනපතිට පළඳවයි

0229 1140x568ශ්‍රී ලංකා රජය විසින් සමුද්‍රීය හා නාවික සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මේ මස 21 දා සිට 27 දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

 එහි සමාරම්භය සංකේතවත් කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සමරු තිළිණයක් හා ලාංඡනය පිළිගැන්වීම අද (21) පෙරවරුෙවි ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

“සමද්‍රීිය හා නාවික සතිය” වැඩසටහනේ සභාපති, වරාය හා ගුවන් තොටුපල ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ මාසකෝරාල මහතා විසින් ජනාධිපතිතුමාට මෙම තිලිණ පිළිගැන්වූ අතර ශ්‍රී ලංකාව තුළ මෙම තේමාව යටතේ මෙවැනි වැඩසටහනක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය ෙවි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ උපදෙස් හා උපමාන වලට අනුව මෙය පැවැත්වෙන අතර සමුද්‍රීය හා නාවික කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති, නීති රීති, ආයෝජන අවස්ථා හා නව අදහස් ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු වලදී ජාත්‍යන්තර වශයෙන් සෙසු පාර්ශව සමග සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩසටහටහනට වරාය හා නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, වෘත්තීකයන් සහ ව්‍යාපාරිකයින්  සහභාගීවීමට නියමිත වේ.

මෙම වැඩසටහනට සමගාමීව අධ්‍යාපනික සම්මන්ත්‍රණ, දේශන. වැඩමුළු, චාරිකා ආදිය ඇතුලත් විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වේ.

මෙහි සමාරම්භක අවස්ථාවට විෂයය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග, අමාත්‍යාංශ ලේකම් එල්.පී.ජයම්පති, වරාය අධිකාරියේ අතිරේක ලේකම් හා වැඩබලන සභාපතිනි කාන්ති පෙරේරා, වෙළෙද හා නාවික අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, මෙම වැඩසටහනේ අනුශාසක මොහාන් පණ්ඩිතරත්න, ශ්‍රී ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ෆ්‍රෙයිට් ෆෝවර්ඩර්ස් ඇසෝෂියේෂන් හි සභාපතිනි ටානියා වෙත්තමුනි යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

01