16072024Tue
Last update:Wed, 08 May 2024

ගාලු කොටුව සංචාරක පාරාදීසයක් කිරීම අරමුණයි - අගමැති

20092015 130872 pm20092015 cmyදෙස් විදෙස් ජාතීන් අතර සහජීවනය සංචාරක ව්‍යාපාරය නැන්වීම හා ගාලු කොටුව ඇතුළු ගාලු පුරවරය ආසියාවේ තවත් ආකර්ශනීය සංචාරක පාරාදීසයක් බවට පත් කිරීම අරමුණු කොට ගෙන සංචාරක මණ්ඩලයේ හා ගාලු සංචාරක හෝටල් සමූහය විසින් පසුගිය සති අන්තයේ ලෝක උරුම ගාලු කොටුව උසාවිය ඉදිරිපිට ඇති චතුරස්‍රය්දී අමුතු තාලයේ බුරියානි උළෙලක් පවත්වනු ලැබීය.

එළිමහනේ පැවැති මෙම බුරියානි උළෙල වර්ණවත් කිරීම සඳහා මෙදින මෙහි ප්‍රදාන ආරාධිතයා බවට පත් වූයේ ගෙවී ගිය සති අන්තයේ ගාලු පුරයේ රැඳී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එම මැතිනියයි. මෙම උළෙලට එක් වූ ඒ මහතා මෙහි සිටි දෙස් විදෙස් සංචාරකයන් සමග ඉතා කුළුපගව තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසු කොටුව තුළ ඉදිරියේ දී ඇති කළ යුතු වෙනස්කම් මෙම අවස්ථාවට එක්ව සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධණ මහතා සමග සාකච්චජා කිරිමෙන් අනතුරුව මෙහි සිටි මාධ්‍යවේදීන් ද ඇමැතීමට ද අමතක නොකළේය.

ගෙවී ගිය කාලයේ මේ ගාල්ල අමතක කොට දමා තිබුණා. දකුණු ආසියාවේ හොඳම සංචාරක පාරාදීසය බවට පත් කිරීමට හැකි ඉතා හොඳ භෞතික සම්පතින් පිරුණු මේ ඓතිහාසික පුරවරය ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය තුළ ආසියාවේ හොඳම පාරාදීසය බවට පත් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළ බවට පත් වී තිබෙන අවස්ථාවක මෙවැනි සොඳුරු පරිසරයක පවත්වනු ලබන මේ අමුතු තාලයේ වැඩ සටහන ද දෙස් විදෙස් සංචාරකයන් අතර සහජීවනය ඇති කිරීමටත් සංචාරක ව්‍යාපරයට නව උදාවක් ඇති කිරීමටත් පිටුවහලක් වෙනවා.

අපේ රජයේ සංචාරක ව්‍යාපාරයේ ගමන් මග වැටී ඇත්තේ මෙම අංශයේ සිටින ලොකු කුඩා සියලුම ව්‍යවසායකයන් එකට නංවාලීමයි. ලොකු හෝටල් හිමියා පමණක් නොව මෙම ව්‍යාපාරයට එක් වෙමින් සිටින සෘජු හා වක්‍ර සියලුම දෙනාටම නැගී සිටීමට හැකි වන පරිදි මේ රටේ සංචාරක ව්‍යාපාරය නැංවීමට අප අද සියලු වැඩසටහන් මේ වන විටත් සකස් කර තිබෙනවා යයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් අමතා පැහැදිලි කර සිටියේය. ගාල්ල මාතර සංචාරක

කර්මාන්තය දියුණු කිරීම ගැන ස්‍වදේශ, ජනමාධ්‍ය, දක්ෂිණ සංවර්ධන, විදේශ ඇමැතිතුමන්ලාත් චන්දිම ඇමැතිතුමාත් සම්බන්ධකරගෙන කටයුතු කරන බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක නාගරික මන්ත්‍රී පයාස් ලතීෆ් මහතා එක් වී සිටි අතර කොටුවේ ව්‍යාපාරිකයන් ද අගමැතිවරයා වෙත සිය අදහස් දැක්වීමට ඉදිරිපත් වූ අතර ඒ සියල්ලටම ඉතා නිහතමානීව සොඳුරු මුහුණකින් හා ඉතා සැහැල්ලු සිතින් යුතුව සිය බිරිය සමග එක්වී මේ සියල්ලටම ඇහුම්කම් දෙමින් ගාලු කොටුව තුළ සැරි සැරීම කාගෙත් සැලකිල්ලට බඳුන් වුණ බව දක්නට ලැබිණ.