08052024Wed
Last update:Thu, 18 Apr 2024

සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහලට

sncaarkමෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව බලනවිට මෙම වර්ෂයේදී වාර්තාගත ලෙස ඉහලගොස් ඇතැයි සංචාරක තොරතුරු කාර්යාංශය පවසයි.

 2014 වර්ෂයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂ විසිහත් දහස් එකසිය පනස් තුනක් වූ අතර ,මෙම වර්ෂයේ ගතවූ මාස හත තුලදී පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ පන්දහස් අටසිය පනස් පහක් වී තිබේ.

2014 ජනවාරි මාසයේ සිට ජුලි මාසය දක්වා මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ( 861,324) අටලක්ෂ හැට එක්දහස් තුන්සිය විසිහතරකි.

එහෙත් ගතවූ ජනවාරි මාසයේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය ( 100,5855) දශ ලක්ෂ පන්දහස් අටසිය පනස් පහකි.

ඒ අනුව එය (144,531) එක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සීය තිස් එකක වැඩි වීමකි.

ඉකුත් ජනවාරි මාසයේ දී සංචාරකයන් 156,241 ක්ද,පෙබරවාරි මාසයේදී සංචාරකයන් 165,541 ක්ද,මාර්තු මාසයේදී සංචාරකයන් 157,051 ක්ද,අප්‍රේල් මාසයේදී සංචාරකයන් 122,217 ක්ද, මයි මාසයේදී සංචාරකයන් 113,529 ක්ද, ජුනි මාසයේදී සංචාරකයන් 115,467 ක්ද, ජුලි මාසයේදී සංචාරකයන් 175,804 ක්ද, විදේශීය සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව මෙරටට විදේශීය සංචාරකයන් පැමිණීමේ වර්ධනය 2014 වර්ෂයට වඩා මෙම වර්ෂයේදී ජනවාරි මාසයේදී සියයට 6.06 ක්ද,පෙබරවාරි මාසයේදී සියයට 10.07 ක්ද, මාර්තු මාසයේදී සියයට 18 ක්ද, අප්‍රේල් මාසයේදී සියයට 8.05ක්ද, මැයි මාසයේදී සියයට 26.01 ක්ද, ජුනි මාසයේදී සියයට 11.09 ක්ද, ජුලි මාසයේදී සියයට 31.02 ක්ද, ලෙස මෙරට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇත.