19042025Sat
Last update:Tue, 07 Jan 2025

ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරික්ෂණ චාරිකාවක

01 2 1140x439වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනපති පවසයි.

සියලූ පාර්ශවයන්ගේ සහය ලබා ගනිමින් එම වැඩපිළිවෙල කි්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (26) දහවල් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි කාර්ය මණ්ඩලය අමතමිනි.

මාළිගාවත්ත පිහිටි වෙරළ සංරක්ෂණ දෙපාරත්මේන්තුව වෙත අද දහවල් හදිසියේම ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළේය. අනතුරුව එහි ශ්‍රවණාගාරයේදී කාර්යමණ්ඩලය හමු විය.

වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් මෙතෙක් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලු ජනාධිපතිතුමා එහිදී පැණ නැගී ඇති ගැටලූ පිළිබදවද විමසා බැලීය.

වැලි පෝෂක ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට බලපාන අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පොලිසියේද සහය ඇතිව කටයුතු කරන ලෙසද අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේ ය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහකද නිරත විය.