16072024Tue
Last update:Wed, 08 May 2024

සංහිදියාව වෙනුවෙන් කැපවන්න - යුරෝපා සංගමය

euමෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නිවේදනයක් නිකුත්කරමින් නව රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා අවසන් වුණු පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වු අතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද සදහන්.

මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුව පිහිටුවා ඇති ආණ්ඩුවට යුරෝපා සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

එහිදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාරණා අතර  යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම ඔවුන්  පෙන්වා දී ඇත.

මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බව ද අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

එමෙන්ම යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.