16072024Tue
Last update:Wed, 08 May 2024

සාමකාමී සහ සාර්ථක මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගෙන් ජනපතිට සුබ පැතුම්

president msgsgjgg format 1140x4991 1140x499 1140x499ශී‍්‍ර ලංකාවේ පැවති 08 වෙනි පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමීව සහ සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කී මූන් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබ පැතුම් පළ කරයි.

 අද පස්වරුවේ දුරකථනයෙන් ජනාධිපතිතුමා ඇමතු බැන් කී මුන් මහතා මෙලෙස සිය සුභාශිංසන පළ කළ අතර එම මැතිවරණය ඉතා නීතිගරුකව කිසිඳු බලපෑමකින් සහ හිංසනයකින් තොරව පැවැත්වීමට හැකිවීම පිළිබඳවද ජනාධිපතිතුමාටත්, රජයටත් මැතිවරණ යාන්ත‍්‍රණයටත් සිය ප‍්‍රසාදය පළ කළේය.

මෙම හැකියාව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජයන බවට මනා සාක්ෂියක් බව ජනාධිපතිතුමා ඊට ප‍්‍රතිචාර ලෙස මහ ලේකම්වරයා වෙත දන්වා සිටියේය.

මෙම සාර්ථක මැතිවරණ නිමාව ජනාධිපතිතුමාගේත්, අග‍්‍රමාත්‍යතුමාගේත් රාජ්‍ය පරිපාලන හැකියාව සහ සාර්ථකත්වය මැනවින් පිළිඹිඹු කරන්නක් මෙන්ම යහපාලනය උද්දීපනය කරන්නක් බවද මහ ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ලබන සැප්තැම්බර් අග භාගයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සතුටින් අපේක්ෂා කරන බවද බැන්කී මුන් මහතා පැවසීය.

තවද ශී‍්‍ර ලංකා ජන රජයේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතින්ගේ සංවිධානයට අදාළ සියලූ තරාතිරමේ නිළධාරින් සමග මානව අයිතිවාසිකම් සහ අන්තර්ජාතික නීතිය කි‍්‍රයාත්මක කිරීමට කැපවී කටයුතු කිරීම සතුටට කරුණක් බවද ඔහු දන්වා සිටියේය.

ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකාවේ සියලූ කටයුතු පිළිබඳ ඉතා හොඳ ප‍්‍රවනතාවයක් ඉදිරි කාලයේදී ලෝක ප‍්‍රජාවට දැක ගන්නට සළස්වනු වනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසූ මහලේකම්වරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගද මෙම කරුණු සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතින්ගේ මහ සමුළුවට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට පැමිණෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව හමුවීමටද තමා අපේක්ෂා කරන බව මහලේකම්වරයා දන්වා සිටි අතර එම අවස්ථාව එළැඹෙන තුරු තමාද සැදි පැහැදි සිටින බවත්, මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අදහස් රජයේ අවධානයට යොමු කරන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහලේකම්වරයා වෙත දන්වා සිටියේය.