16072024Tue
Last update:Wed, 08 May 2024

එජාපයට විශිෂ්ට ජයක්

tkn 08 19 rm 92 ndkමැතිවරණ දිස්ත්‍රික්ක එකොළහක අති බහුතර ජන බලයක් හිමි කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණ පෙරේදා (17) පැවති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද හාරලක්ෂයට අාසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරනු ඇත.

එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද පදනම 2010 වසරේ පැවති මහ මැතිවරණය මෙන් දෙගුණයකින් ඉහළ නංවා ගනිමින් සිය විජයග්‍රහණය තහවුරු කර ගෙන ති‍බේ. අට වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා මෙවර පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අැතුළත්ව මන්ත්‍රීවරු 106 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.

වසර 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වු දිස්ත්‍රික්ක ගණනාවක ජයග්‍රහණය කිරීමට එම පක්ෂයට මෙවර මැතිවරණයේදී හැකි වී තිබේ. එසේම තැපැල් ඡන්දවල බහුතරයද දිනාගත් එජාපය උතුරු නැඟෙනහිර සිය ඡන්ද පදනමද ඉහළ නංවාගෙන තිබේ .

එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද ප්‍රමාණය ලක්ෂ ගණනකින් ඉහළ නංවා ගනිද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම විශාල ලෙස පහත වැටී ඇත .

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වු කොළඹ, ගම්පහ , කෑගල්ල ,නුවරඑළිය , මහනුවර ,

බදුල්ල , මාතලේ , පුත්තලම , ත්‍රිකුණාමලය , පොළොන්නරුව ,ආදී දිස්ත්‍රික්ක අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් පෙරමුණට පැමිණ තිබේ .

2010 මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 83 ,027ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිරවණයේදී ඡන්ද 130433ක් ලබා ගනිමින් සිය ජන්ද ප්‍රමාණය වැඩි කර ගෙන තිබේ. එහෙත් 2010දී ඡන්ද 174,808ක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන පහක් දිනා සිටි සන්ධානයට මෙවර හිමිවූයේ ආසන හතරක් පමණි .

ගියවර මාතර දිස්ත්‍රික්කය සඳහා ඡන්ද 91114ක් හිමිකැරගෙන සිටි එජාපය මෙවර එය 186675 දක්වා ඉහළ නංවා ගත්තේ මන්ත්‍රී ආසනයක්ද වැඩියෙන් හිමි කැරගනිමින්ය .

ගාල්ල දිස්ත්‍රික්කයේ සිය ඡන්ද ප්‍රමාණය ඉහළ නංවාගත් එජාපය 120,101ක් ඡන්ද ප්‍රමාණය 226180 දක්වා ඉහළ නංවා ගත්තේ 2010 වසරේ පැවැති මන්ත්‍රීධූර දෙක හතර දක්වා වැඩි කැර ගනිමින්ය .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද 228,920ක් ලබා ගනිමින් මන්ත්‍රි ආසන පහකට හිමිකම් කියූ එජාපයට 2010 වසරේ හිමිව තිබුණේ මන්ත්‍රී ආසන දෙකකි .

එක්සත් ජාතික පක්ෂය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 11ක් හිමිකැර ගත්තේ ආසන බහුතරයක ජයතහවුරු කැර ගනිමිනි .

එජාපය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද 228,920ක් ලබා ගනිමින් මන්ත්‍රි ආසන පහක් හිමිකැර ගත් අතර නුවරඑළිය දිස්ත්‍රික්කය අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කෙළේය .

2010 වසරේ 104,925ක්ව පැවැති කෑගල්ල දිස්ත්‍රික්ක ඡන්ද ප්‍රමාණය එජාපය මෙවර 247467 දක්වා ඉහළ නංවා එම දිස්ත්‍රික්කයද ජයග්‍රහණය කළේය . එහෙත් ඊට පෙර 242,463ක්ව පැවැති එජනිස ඡන්ද ප්‍රමාණය මෙවර 227208 දක්වා පහත බැස තිබුණි. ඡන්ද 5,77,004 ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අතර මන්ත්‍රී ආසන නවයක් හිමිකැර ගත්හ . මාතලේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 138241ක් හිමිකැර ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයද එජාපය ජයග්‍රහණය කෙළේ මන්ත්‍රී ධූර පහ දක්වා ඉහළ නංවමිනි .

එක්සත් ජාතික පක්ෂය මෙවර ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කෙළේ මන්ත්‍රී ධූර නවයක් දක්වා තම ඡන්ද පදනම ඉහළ නංවා ගනිමිනි .

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 13ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 12ක් ද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2ක්ද ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 2ක්ද හිමිව තිබේ.