මෙතෙක් කිසිදු තැනක එකම ස්ථානයකින් දැකිය නොහැකි බුද්ධ ප්‍රතිමාවේ අසිරිමත් විවිධ අලංකාරයන්ද දාර්ශනික ලක්ෂණද මූර්තිමත් වූ දැව බුදු පිළිම තැම්පත් කළ කෞතුකාගාරයක් අම්බලන්ගොඩ කලු වඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ නිර්මාණය කර තිබේ.
බුද්ධ ප්‍රතිමාවේ විවිධ සම්පදායන්, විවිධ ඉරියව් සහ ථේරවාද, මහායාන මුද්‍රා ද ආසන, පීඨ, සිරස්, පත ආදී ලක්ෂණ ද මතුකර දැක්වීමට හැකි වූ දැවයෙන් පමණක් නිර්මාණය වූ ලොව විශාලතම දැව මුවා බෝධි සත්ත්ව ප්‍රතිමාව ඇතුළු දුර්ලබ ලක්ෂණයන්ගෙන් යුත් ප්‍රතිමා හතළිහක් පමණ මෙහි දක්නට ඇත.
සාමාන්‍යයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ගල්, සිමෙන්ති, ප්ලාස්ටික් භාවිත කළ ද මේ කෞතුකාගාරයේ තිබෙන සියලු බුදුවරුන්ගේ ප්‍රතිමා දැවයෙන් පමණක්ම නිර්මාණය කිරීම විශේෂත්වයකි.
බුදුවරුන්ගේ කෞතුකාගාරයේ නිර්මාතෘ රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි මෙසේ පැවැසූහ.
ආසියාවේ විශාලම බුදු පිළිමය නිර්මාණය කර තිබෙන්නේ ගල්වලින්. ඒ නිර්මාණ බොහෝ කාලයක් තබා ගැනීමට නොහැකියි. නමුත් මගේ විහාරයේ සියලු නිර්මාණ දැවයෙන් නිර්මාණය කර තිබෙන්නේ. අලුතින් නොසිතන පුද්ගලයාට විශේෂ පුද්ගලයකු වෙන්න බෑ. සෑම නිර්මාණයක්ම සිතීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකියි. කලාව, සාහිත්‍යය මේ සෑම දෙයක්ම මිනිස් සිතේ විශ්මිත දේවල් හැටියට දැක්විය හැකි බවත් බෞද්ධ කලාව බුදුදහම මුල් කරගත් සිතුවිලි වලින් යුක්තව කටයුතු කිරීම නිසා විශ්මිත ආරාම කලාවක් ඇති කරන්න හැකියාව ලැබුණා.
හෙට දවසට අනාගතයට මෙවැනි නිර්මාණයක් කරන්න හිතන්නේ බොහෝම ටික දෙනයි. බුදුවරුන් සඳුන් ලීයෙන් නිර්මාණය කරන්නේ ඉතා අපහසුවෙන්. සඳුන් ලී මිල අධික නිසා සොයා ගන්නෙත් අපහසුවෙන්.
පළමුවන සියවසේ නිර්මාණය වූ ගාන්ධාර මතුරා සම්ප්‍රදායට අනුව බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර ඇති අතර ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය වූ ලොව විශාලම බුදුරුවක් මේ කෞතුකාගාරයෙන් පමණක් දැක ගැනීමට අවස්ථාව උදාකර තිබෙනවා.
බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී (ගත, සිත, නිසින්න, සුප්ත) සක්මන් ඉරියව්, හිටි ඉරියව්, හිදි ඉරියව්, සැතපෙන ඉරියව් අනුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම කොතරම් අපහසු කාරණයක් වුවත් එම නිර්මාණ කිරීමෙන් ජනතාවට අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදාකර තිබෙන්නේ මේ කෞතුකාගාරයෙන් පමණක් බව ද දැක්විය හැකිය. ලංකාවේ ජනප්‍රිය විරාඝනය සහ පිට කකුලක් උඩ තබාගෙන භද්‍රාසනව වාඩි වී සිටීමත් දෙපා පහළට තබාගෙන සිටින හද්‍රාසන යන ඉරියව්වලින් සුප්ත බුද්ධ ප්‍රතිමා කාබුල් කෞතුකාගාරයේ තිබියදී ත්‍රස්තවාදීන් විනාශ කිරීමෙන් පසුව එම බුද්ධ ප්‍රතිමා දැක ගත හැක්කේ මෙම කෞතුකාගාරයෙන් පමණි.
ලෝකයේ කිසිදු කෞතුකාගාරයක දක්නට නොලැබෙන නකසිඛා මුද්‍රාව, ලෝක විදු මුද්‍රාව, ගිලන් මුද්‍රාව මේ කෞතුකාගාරයේ පමණක් දක්නට ලැබෙන අතර නකසිඛා මුද්‍රාවෙන් නිය පිටින් පස් පිඩක් ගැනීමත් ලෝක විදු මුද්‍රාවෙන් බුදුරදුන්ගේ ඥානයත් ගිලන් මුද්‍රාවෙන් පිරිනිවන් පාන අවස්ථාවන් දක්වා තිබේ.
මුද්‍රා තිහකින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම සිදුකර ඇති නමුත් මහායාන, ථෙරවාදි බෝධි සත්ත්ව, දුෂ්කර චර්යා දක්නට තිබේ. ගල්, බොරළු සහ කටු තිබෙන ප්‍රදේශවල සෙරෙප්පු පැළඳි චිත්‍ර අවන්ති දේශයේ අජන්තා නිර්මාණවල දක්නට ලැබෙන බවත් එම නිර්මාණ අනුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට ඉදිරියේදී කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා. බුදුවරුන්ගේ කෞතුකාගාරය නිර්මාණය කළේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වශයෙන් ලැබෙන වැටුපෙන්. කෞතුකාගාරය පිළිබඳව බෝඩ් එකක්වත් ගහලා නැහැ. විශ්‍රාම යන්නත් තවත් කෙටිකාලයක් තිබෙන්නේ. විශ්‍රාම ගියාම කෞතුකාගාරය ඉදිරියට පවත්වාගෙන යාම අපහසු වෙනවා. ඉදිරියේදී මහජන අනුග්‍රහය ලැබෙයි කියලා හිතනවා. බුදුවරුන්ගේ කෞතුකාගාරය එක කොටසක් පමණයි. චිත්‍ර මූර්ති ටෙරාකොටා ගෘහ නිර්මාණ තිබෙනවා. ඊළඟ පරම්පරාවට අලුත් දෙයක් දැක ගැනීමට සැලැස්වීම මගේ අවසාන බලාපොරොත්තුවයි.