28032024Thu
Last update:Mon, 04 Mar 2024

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලූතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනපති දැණුවත් කෙරේ

0118 1140x765ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලූතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනාධිපතිතුමා දැණුවත් කිරීමේ විශේෂ හමුවක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රටේ තරුණ තරුණියන්ට නව රැුකියා වෙළඳපළ ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හඳුන්වාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පහසුකම් පුළුල් කරමින් මෙම තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අනාගත ලෝකයේ රැුකියා වෙළඳපළ හඳුනා ගනිමින් සහ රටේ අවශ්‍යතාවය අනුව දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමේ රජයේ වගකීම ඉටු කරමින් කි‍්‍රයාත්මක මෙම වැඩපිළිවෙල ඉතා අගය කරන බවයි.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුලූ පිරිසක් සාකච්ඡුාවට එක්ව සිටියහ.