23042024Tue
Last update:Thu, 18 Apr 2024

රට ඉදිරියට ගෙන යාමේදී උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැළකිල්ලට ගැනීම ඉතා වැදගත් බව ජනපති පවසයි.

056 1140x872උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැළකිල්ලට නොගෙන පසුගිය කාලය තුළ ගත් ඇතැම් හිතුවක්කාරි දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් රටේ ක්ෂේත්‍ර රැසක් පසුබෑමට ලක් වූ බව ජනපති පවසයි.

 රටක් ඉදිරියට ගෙන යාමටනම් එම රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැළකිල්ලට ගැනීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සම්පාදනය කරන ලද One A Gathering of Unities ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වසර දහයක් පුර දිවයිනේ විවිධ පළාත්වල සංචාරය කරද්දි විවිධ පැතිකඩ ඔස්සේ ලබාගත් ඡායාරූප ඇතුළත් කරමින් රූපමය ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කොට තිබේ.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ක්ෂේත්‍ර රැසක් පුරා විසිරි ගිය දැණුම් සම්භාරයකට උරුමකම් කියන මෙන්ම රට සමාජය සහ ලෝකය පිළිබ`ද අවබෝධයක් ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැනි උගතුන්ගේ දැණම සහ අත්දැකීම් රට ඉදිරියට ගෙනයාමේදී ඉතා වැදගත් බවයි.

රටට අවශ්‍ය නව පරිවර්තනය ලබාදී නව යුගයක් කරා රට ගෙන යන්නට ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී තමන් වෙත ලබාදුන් සහයද මෙහිදි ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

රට ඉදිරියට ගෙන යාමේදී සියලූ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව මෙහිදී වැඩිදුරටත්  පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් වඩාත් යහපාලනයක් සහිත රාජ්‍ය පාලනයක් ජනතාවට ලබාදිය හැකි වනු ඇති බවද ප්‍රකාශ කළේය.

අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක්ද, මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා ඇතුලූ විද්වතුන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.