16042024Tue
Last update:Mon, 04 Mar 2024

මහා සංඝරත්නය එකඟ නම් ධර්ම සංගායනාවක් පවත්වනවා

ranil wickramasinghe 3මහා සංඝරත්නයේ එකඟතාව ලැබේ නම් 2017 වසරේදී ධර්ම සංඝායනාවක් පැවැත්වීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහා විහාර ථේරවාදී සම්ප්‍රදායේ සුරක්ෂිතභාව වෙනුවෙන් 21 වැනි සියවසේ සිදුකරන එවැනි ධර්ම සංඝායනාවක් පැවැත්වීම මුළු මහත් බෞද්ධ සමාජයටම සතුටුවිය හැකි සුවිශේෂී කරුණක් වන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

 අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළකළේ බත්තරමුල්ල 'අපේගම' පරිශ්‍රයේදී ඊයේ (06) පැවැති මහා සංඝ සමුළුව අමතමිනි. රටේ රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ වගකීම දැරීමට හැකි යැයි මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නය මෙය සැලසුම් කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ථේරවාදී බුදු දහමේ ත්‍රිපිටකය අනුව පදනම් කර ගනිමින් ෙම් සංඝායනාව පැවැත්විය යුතු යැයි තමන් යෝජනා කරන බව සදහන් කළ අග්‍රාමාත්‍යවරයා රටක් හදන විට ඒ සඳහා අලුතින්ම අදහස් ලබාගත යුතු බවත් අපේ රටේ ශිෂ්ඨාචාරය උරුමය සහ ආරම්භය යන සියල්ල පදනම් කරගෙන මෙම කටයුතු කළ යුතුව ඇතැයිද පැවසීය.