19042024Fri
Last update:Thu, 18 Apr 2024

නීතියෙන්, වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම්වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට ඉඩ දිය නොහැකියි – ජනපති අවධාරණය කරයි.

063 1140x1232නීතියෙන්, වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම්වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ජනපති අවධාරණය කරයි.

 

පසුගියදා එක්තරා පාසලක සිසුවෙකු නුසුදුසු දර්ශන සහිත ජංගම දුරකථනයක් පංති කාමරයට රැගෙන යාම නිසා ඇති වූ තත්ත්වය පිළිබදව සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නීතිය, වරප්‍රසාද සහ අයිතිවාසිකම් තුළ රටක විනය හා හික්මීම කෙළෙසීමට ඉඩ දිය නොහැකි බවයි.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට ගොස් අසාධාරණයට ලක්වූ එම ගුරුවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බවද පැවසූ ජනාධිපතිතුමා එම සිදුවීම විශේෂ පරික්ෂණයක් සදහා යොමු කරන බවද ප්‍රකාශ කළේය.

 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ අසෝක විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

තමා ශිෂ්‍ය අවධියේදී ගුරු මෑණිවරුන්ගේ, පියවරුන්ගෙන් ලද කෝටු පහර තම ජීවිතය තුළ විනය සහ හික්මීම ඇති කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා නව සමාජ දියුණුවත් සමග ලැඛෙන වරප්‍රසාද සහ අයිතින් වැරදි ලෙස භාවිතා නොකරන ලෙස තමා දෙමාපියන් ඇතුළු සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා විදුහල්පති වයි. යසරත්න මහතා ඇතුලූ ආචාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින් පිළිගත් අතර විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ විශේෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විනි.

2014 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත්වූවන්ට, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වූවන්ට සහ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම 2014 වසරේ නිවාඩු ලබා ගැනීමකින් තොරව කැපවීමෙන් සේවය කළ ගුරු මහත්ම මහත්මින් දෙදෙනෙකු වෙත රන් සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.