28032024Thu
Last update:Mon, 04 Mar 2024

ජනමාධ්‍ය විශිෂ්ටයන්ට සම්මාන

03082015 130830625460931296 ssa cmy කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධාන කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විතව ඉතා උත්කර්ෂවත් හා ගාම්භීර අන්දමින් ගල්කිස්ස මහ හෝටලයේදී පසුගියදා (28) පැවැත්විණි.

 ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලේදි අංශ රැසක් ආවරණය වන පරිදි සම්මාන හා කුසලතා සහතික ප්‍රදානය කළ අතර ජනමාධ්‍යවේදියකුට ජීවිත කාලයේ එක්වරක් හිමිකර ගත හැකි යාවජීව සම්මානයෙන් බිනෝයි කුමාර සුරේන්ද්‍ර, ලතීෆ් පාරුක්, නිහාල් රත්නායක, සරනපාල පමුණුව හා එස්. තිලේනාදන් මහත්වරුන් පිදුම් ලැබුහ.

එහිදි කර්තෘ සංසදයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් මහතා අතින් බිනෝයි කුමාර සුරේන්ද්‍ර මහතාටත්, කර්තෘ සංසදයේ භාණ්ඩාගාරික සිසිර පරණතන්ත්‍රි මහතා අතින් ලතීෆ් පාරුක් මහතාටත්, කර්තෘ සංසදයේ හිටපු සභාපති මනික්ද සිල්වා මහතා අතින් නිහාල් රත්නායක මහතාටත්,කර්තෘ සංසදයේ හිටපු ලේකම් ජටිල වැල්ලබඩ මහතා අතින් සරනපාල පමුණුව මහතාටත්, කර්තෘ සංසදයේ හිටපු ලේකම් ආර්. ප්‍රභාගන් මහතා අතින් එස්. තිලේනාදන් මහතාටත් රන් සම්මාන පිරිනැමූහ.

නිර්මාණාත්මක පුවත්පත ලෙස ද නේෂන් පුවත්පතත්, නිර්මාණාත්මක පිටු සැකසුම වෙනුවෙන් රාවය පුවත්පතත්, හොඳම කාටුන් ශිලපීන් ලෙස ඩේලිමිරර් පුවත්පතේ ගිහාන්ද චිකේරා, ටැමිල් මිලර් පුවත්පතේ නාමල් අමරසිංහ, ඩේලිමිලර් පුවත්පතේ අවන්ත ආටිගල මහත්වරුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මෙනෙවිය අතින් කුසලතා සහතික පත් ලබාගත්හ.

වසරේ ඡායාරූප මාධ්‍යවේදියා ලෙස ඩේලිමිලර් පුවත්පතේ කුෂාන් සංගීත් පතිරාජ හා ප්‍රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් සන්ඩේ ලිඩර් පුවත්පතේ ලලිත් පෙරේරා, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස සිංහල අංශයෙන් දිවයින පුවත්පතේ චමිල කරවිට, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් ඩේලිමිරර් පුවත්පතේ චානකද සිල්වා මහත්වරුන් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදි සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා අතින් සම්මාන ලබාගත්හ.

වසරේ හොඳම පාරිසරික මාධ්‍යවේදීන් ලෙස ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාලියා ෆයිසාර්, දෙමළ මාධ්‍ය වෙනුවෙන් තිනකුරල් පුවත්පතේ ෆාතිමා හුස්නා මහත්ම මහත්මීන් සහකාර ලේකම් මොහාන්ලාල් පියදාස මහතා අතින් සම්මාන ලබාගත් අතර තීරු ලිපි සඳහා බී. ඒ සිරිවර්ධන සම්මානයෙන් සිංහල අංශය සඳහා මව්බිම ඉරිදා පුවත්පතේ අමරසිරි වික්‍රමරත්න, රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න මහත්වරුන් ද දෙමළ අංශය වෙනුවෙන් විරකේසරි පුවත්පතේ සින්දුජා ප්‍රසාදි කුසලතා සහතික ලබාගත්හ.

වසරේ හොඳම විශේෂාංග ලේඛිකාවන් වෙනුවෙන් පිරිනමනු ලබන උපාලි විජයවර්ධන කුසලතා සම්මානයෙන් දේශය පුවත්පතේ සුගත් ප්‍රියන්ත කුලතුංග, සිළුමිණ පුවත්පතේ ඉනෝකා සමරවික්‍රම, දෙමළ මාධ්‍ය වෙනුවෙන් පොරවිනවිල්ලේ පුෂ්පරාජ්, ඉංග්‍රීසි අංශය වෙනුවෙන් ඩේලිමිරර් පුවත්පතේ සරනි මාදුවගේ මහත්ම මහත්මීන් ලබාගත් අතර සිංහල අංශයෙන් ඉරිදා දිවයින පුවත්පතේ රුවන් ජයවර්ධන, දෙමළ මාධ්‍ය වෙනුවෙන් ටැමිල් මිලර් පුවත්පතේ අගලගන් කනගරාජ්, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ රන්දිමා ආටිගල මහත්ම මහත්මීන් උපාලි විජයවර්ධන සම්මානයෙන් පිදුම් ලැබූහ.

පුවත් විශේෂාංග වෙනුවෙන් පිරිනමනු ලබන මහාචාර්ය තේ කයිලාසපති කුසලතා සම්මානය තිනකරන් පුවත්පතේ බාලේන්ද්‍ර ප්‍රදීපන් මහතාට කර්තෘ සංසදයේ හිටපු ලේකම් මෙරිල් පෙරේරා මහතා අතින් පිරිනැමුවේය. හොඳම ව්‍යාපාර හා මුදල්කරණය පිළිබඳ වාර්තාකරණය සඳහා රිවිර පුවත්පතේ සරත් ගොඩකන්දආරච්චි, ඩේලි එප්ටීබී සඟරාවේ ෂබියා අලි ආලාම්, වීරකේසරී පුවත්පතේ රොබට් ඇන්තනී මහත්ම මහත්මීන් කාංචන දසනායක මහතා අතින් සම්මාන ලබාගත්හ.

සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානයෙන් රිවිර පුවත්පතේ චාමර අමරසූරිය, වීරකේසරී පුවත්පතේ ජෝශප් ජොර්ජ් ස්ටීවන් සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් කමේලියා දිල්රුක්ෂි මහත්ම මහත්මීන් නවමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ එම් එම් අමීන් මහතා අතින් සම්මාන ලබාගත් අතර, එහි ජයග්‍රාහකයා ලෙස පත් වූයේ රාවය පුවත්පතේ කේ සංජීව මහතාය.

වසරේ ගවේෂණ මාධ්‍යෙව්දීන් ලෙස සන්ඩේ ලීඩර් පුවත්පතේ නිර්මලා කංනංගර මහත්මිය ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ භාණ්ඩාගාරික සිසිර පරණතන්ත්‍රි මහතා අතින් කුසලතා සම්මාන ලබාගත් අතර දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය විසින් රාවය පුවත්පතේ කසුන් පුෂ්පවෙල මහතා ද වසරේ හොඳම ගවේෂණ මාධ්‍යෙව්දීයා ලෙස සම්මාන දිනා ගනු ලැබිණි.

නිදහස් මාධ්‍යයක් සඳහා වූ සේපාල ගුණසේන සම්මානය මෙවර හිමි කර ගනු ලැබුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයයි. හොඳම තීරු ලිපිය රාවය පුවත්පතේ වික්ටර් අයිවන් මහතා ඩි ආර් විජේවර්ධන සම්මානයෙන් පිදුම් ලැබීය. වසරේ තරුණ මාධ්‍යවේදිනිය ලෙස ඩෙන්සිල් පීරිස් සම්මානය හිමි කර ගනු ලැබුවේ ඩේලි මිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ මෙනෙවිය විසිනි. වසරේ හොඳම මාධ්‍යවේදියා ලෙස මර්වින් ද සිල්වා සම්මානයෙන් රාවය පුවත්පතේ කේ සංජීව මහතා පිදුම් ලැබීය.