19042025Sat
Last update:Tue, 07 Jan 2025

සොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනි...

20072015 130818523987793758 lugකතරගම දෙවියන් වෙනුවෙන් කතරගමට පැමිණෙන බැතිමත්හු විවිධ අයුරින් භාරහාර ඔප්පු සිද්ධ කරති.මේ අතරින් සිය ශරිරයට උල් කටු ඇන ගැනීම ද දිවේ කටු ගැසීමද පිටේ කටු ගැසීමද සිදුකරනු ලබන අතර තවත් පිරිසක් මුළු ශරීරයේම කටු ගසා ගනිමින් ගසක් වැනි දෙයක එල්ලී කඳ සුරිඳුන්ට පුජා උපහාර දක්වති.කතරගම පෙරහර සමයේ දී මේ අයුරින් ඇඟ කිලිපොලා යන දසුන් දැකිය හැකි අතර යකඩ ඇණ ගැසූ පාවහන් පැළ ද යන අයද සිටින අතර තවත් පිරිසක් හිසේ සිට කකුල් දෙක දක්වාම උල් කටු දහසක් පමණ ගසාගෙන කතරගම දෙවියන් ඉදිරියේ කාවාඩි නටා උපහාර දක්වති. මේ කටු ගැසීම හින්දු, බෞද්ධ බැතිමතුන්ට අමතරව මුස්ලිම් බැතිමතුන්ද ඇසළ සමයේ දී සිදු කරනු අයුරු දැක ගත හැකිය.