29032024Fri
Last update:Mon, 04 Mar 2024

කතරගම දේවාලයේ අලි ඇතුන්ට නව ඇත් ගාලක්: ආදිවාසී ඇත්තන්ට නව නිවෙසක්

19072015 130817624773491296 lnwකතරගම දේවාලයට අයත් අලි ඇතුන් සඳහා නව ඇත් ගාලක් සාදවා අලි දිය නෑමට හා පිරිසුදුව තබා ගැනීමට හැකි වන පරිදි මෙම ඇත්ගාල සකස් කිරීමට නව බස්නායක නිලමේ ඩී පී කුමාරගේ මහතා පියවරගෙන ඇති අතර මෙයට සමගාමිව දේවාලයේ පෙරහර රාජකාරි සිදු කරනු ලබන ආදිවාසි ඇත්තන් වන ඌරු වරිගේ බණ්ඩිලා ඇත්තන් සඳහා ද නව නිවාසයක් මැණික් ගඟ අසල ඉදිකර විවෘත කිරීම ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දින සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද කතරගම අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමිවරු ප්‍රමුඛ පිරිසක් ද එක් වී සිටියහ.