07052024Tue
Last update:Thu, 18 Apr 2024

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පාද වන්දනාව - කුමණට

kataragamaරුහුණු කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය සදහා පාද වන්දනාවෙන් කතරගම පුරවරයට පැමිණෙන හින්දු බැතිමතුන් අද උදෑසන සිය ගමනේ දුෂ්කරම  ගමනාන්තය වු වනයෙන් පැමිණිම ආරම්භ කරනු ලැබීය.

 අද උදැසන වන ජිවි දෙපාර්තමේන්තුවෙන් හා ආරක‍ෂක අංශ  විසින් පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සදහා කුමණ හා යාල ජාතික වන උද්‍යනයන් වෙත පා ගමනින් ඇතුල් වීම පිණිස අවසරය ලබා දෙනු ලැබීය.

හින්දු බැතිමතුන් 1500 ක් පමණ ප්‍රථම පා ගමනට එක් වී සිටි අතර ඕකන්ද දේවාලය වැද පුදා ගත් බැතිමතුන් අද උදෑසන 5 ට  කුමණ ජාතික වන උද්‍යානය වෙත ඇතුල් වී සිය ගමන ආරම්භ කරනු ලැබීය.

මෙම පිරිස්   අතර යාපනය ත‍්‍රිකුණාමලය මඩකලපුව  එරවුර්. වවුනියාව.  අම්පාර යන පළාත් වලට අයත් බැතිමතුන් සිටි අතර පසු ගිය ජුනි 20 වැනි දින සිට මෙම බැතිමතුන් මෙම පාද වන්දනාවට එක්ව සිටිති.

මෙම පිරිස ලබන 15 වැනි දින කතරගම පුදබිම වෙත පැමිණිමට නියමිත අතර කුමණ. කුඹුක්කන්ඔය. උඩ පොත්තන. යාල අංක 02 මැණික් ගග හරහා කටගමුවට පැමිණ කතරගම නගරයට පැමිණිමට නියමිතය.