25042024Thu
Last update:Thu, 18 Apr 2024

ආර්ථිකය ගොඩනඟා විරැකියාව දුරලීම අගමැති රනිල්ගේ අපේක්ෂාවයි

ranil wickramsinghe 2එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය තුළින් රටේ ආර්ථිකය ගොඩනඟා රැකියා දස ලක්ෂයක් බිහි කර විරැකියාවෙන් පසුවෙන තරුණ පරපුරට හොඳ රැකියා ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් ලබා දීමට පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් එජාපය ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශනය සකස් කිරීම අවසාන අදියරේ පවතින අතර නාම යෝජනා භාර දීමෙන් පසුව එය මහජනතාව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. ආර්ථිකය ගොඩනැංවීමේ දී ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, ජනවාරි 8 දායින් ආරම්භ වූ යහපාලනය තවදුරටත් පවත්වා‍ ගෙන යාම, අධ්‍යාපනය ශක්තිමත් කිරීම, දූෂණය නැති කිරීම සහ දූෂිතයන් නීතිය හමුවට ගෙන යාම, එජාප ආණ්ඩුවේ සිදු කෙරන ඉදිරි පියවරවල් වශයෙන් මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් කෙරෙනු ඇත.

එජාප නාමයෝජනා සකස් කිරීම ද සියයට අනුවකින් අවසන්වී ඇති අතර වෘත්තියවේදීන්, පියවරෙන් පියවර ඉදිරියට එන තරුණ දේශපාලඥයන්ට නාමයෝජනා ලබා දීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද තීරණය වී තිබේ.