20042024Sat
Last update:Thu, 18 Apr 2024

ඓතිහාසික ජයග්‍රහණයට හතුරුසිංහට පැසසුම්

23062015 130795239028102527 svg cmyසංචාරක ඉන්දීය පිලට එරෙහිව මීර්පූර් හී පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරගාවලි ජය වාර්තා කිරීම පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රාෆි මොර්ටසා පුහුණුකරු චන්දික හතුරුසිංහට එහි ගෞරවය හිමිවිය යුතු බව කියා සිටියේය.

'ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීම තරම් ජයග්‍රහණයට ඉවහල් වන තවත් කරුණක් නොමැති බව පුහුණුකරු හතුරුසිංහ අපට කියා දුන්නේ පසුගිය ලෝක කුසලාන තරගාමාලාවේ සිටයි.

දැන් අපේ ක්‍රීඩකයන් කිසිදු බියක් නොමැතිව ක්‍රීඩා කරනවා. එහි ප්‍රතිඵල තමයි මේ.' ඉන්දියාවට එරෙහිව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව මොර්ටසා කීවේය.

'ක්‍රිකට් යනු මනස මෙහෙයවමින් කරන ක්‍රීඩාවක් බවත්, කිසිදු දෙගිඩියාවකින් තොරව පන්දුවට පහරදීමෙන් හා පන්දු යැවීමෙන් ජයග්‍රහණයේ මාවත විවර කෙරෙන බවත් ඔහු අපට කියා දුන්නා.' මොර්ටසා සිය පුහුණුකරු චන්දික හතුරුසිංහට ස්තූතිය පළකරමින් පැවැසීය.

මේ ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය වසර 2017 පැවැත්වෙන චැම්පියන් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනිමට ද සමත්විය.