18102025Sat
Last update:Fri, 10 Oct 2025

පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් පක්ෂය සංවිධානය කරන්න -ජනපති

tharunaපරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. 

තරණයින් ස්වාධීනව පක්ෂ සංවිධාන ව්‍යුහය පිළිබද කථා කළ යුතුය. විවේචන කළ යුතුයි. නමුත් එම විවේචන ඉතා සාධාරණ අවංක විවේචන විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විශේෂ වැඩමුථවට එක් වෙමිනි. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලූදෙනා පක්ෂයේ ප්‍රතිපත්ති සමග අවංකව වැඩ කරනවානම් පක්ෂයෙත්, සාමාජිකත්වයේත් අනාගතය සුබ වන බවයි. 

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහි කිරීමටනම් ගම් මට්ටමින් සියලූදෙනා දෙනා සංවිධානය කළ යුතු බව පැවැසූ ජනාධිපතිතුමා ඒ සදහා සියලූදෙනාගේ අදහස් හා විවේචන ඉතා වැදගත් බවද ප්‍රකාශ කළේය.