28032024Thu
Last update:Mon, 04 Mar 2024

රටකට සිටිය යුත්තේ එක් නායකයෙක් පමණයි

21062015 130793734708870527 stc cmyරටක සිටිය යුත්තේ එක් නායකයකු මිස දෙදෙනකු නොවන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ ‍ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කිසිවකුට පක්ෂය  බෙදා වෙන්කළ නොහැකි බව පෙන්වාදෙන ජනාධිපතිවරයා පක්ෂය දෙකඩ කිරීමට ‍යම් අයකු උත්සාහ කරන්නේ නම් එය ද්‍රෝහී කමක් බව ද කියා සිටී. එහෙයින් ශ්‍රීලනිපයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල බෞද්ධ දමිළ මුස්ලිම් සියලු දෙනාගේ ඡන්ද අවශ්‍ය යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ නුවරඑළිය නව නගර ශාලාවේ දී ඊයේ(21) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජිත හමුවට එක් වෙමිනි.

වෙනම පෙරමුණු හදන්න කතා කරන පිරිස් ශ්‍රීලනිපයට ද්‍රෝහිකමක් කරන බවත් වාම ව්‍යාපාරයට ඔවුන් ද්‍රෝහිකමක් කරන බවත් ශ්‍රීලනිපය අසමඟිව කැඩී බිඳී සිටිය දී පැවැති මැතිවරණවලදී ජයග්‍රහණ ලබා ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා කීවේය.

පක්ෂයෙන් කිසිවෙක් වෙන් කරන්න කපා හරින්න තමාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද තමාට අවශ්‍ය සියලු දෙනා සමඟින් සහෝදරත්වයෙන් සමඟින් ශ්‍රිලනිප ආණ්ඩුවක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.