18042024Thu
Last update:Thu, 18 Apr 2024

රිය අනතුරු අවම කර ගැනීමට මාර්ග ආරක්ෂණ මණ්ඩලයක්

bgw3aml88t accident 1රිය අනතුරු අවම කර එම කටයුතු විධිමත් කිරීම සඳහා ජාතික මාර්ග ආරක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

දැනට සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

දැනට මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස කතිකාවක් ආරම්භ වී ඇතැයි ද සඳහන් කරන එම උසස් නිලධාරියා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බව ද පැවැසීය.

ඉදිරියේ දී රජය පිහිටුවන ජාතික මාර්ග ආරක්ෂණ මණ්ඩලය සම්බන්ධයෙන් මහාචාර්ය අමල් කුමාරගේ මහතා කටයුතු කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.