01102023Sun
Last update:Tue, 01 Aug 2023

ටෝනි දිවියට සමුදෙයි

tony 02ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට අවුරුදු 77 වන වියේ පසුවු ඔහු  අද උදෑසන 6.03ට පමණ අභාවප්‍රාප්ත වූයේ,කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

ඔහු මීට දින කිහිපයකට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ.

1937 ජූලි 31 වන දින මෝදර දී උපත ලද ටෝනි රණසිංහ  පරසතුමල්,ගම්පෙරළිය, හන්තානේ කතාව,දුහුල් මලක්,ගඟ අද්දර වැනි චිත‍්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේය.

 ඔහු සිනමා උළෙලවල් රැසක සම්මානයට පාත්‍ර වූ අතර රංගන ශිල්පයට අමතරව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු ලෙස ද ඔහු කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.