02112025Sun
Last update:Fri, 10 Oct 2025

බැන්කී මූන්ගෙන් ජනපතිට ප්‍රශංසා

baenki muun shaay pilleettඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින්  නව රජය ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කර තිබේ.

රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමින් සියලු ජනකොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් රජය ගෙන යන වැඩපිළිවෙල මෙන් ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මෙහිදී සිය ප්‍රසාදය පළ කර ඇති මූන් මහතා ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා කරනු ලැබූ දැඩි කැපවීමද ඇගයීමට ලක් කර තිබේ.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් සහ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් 20 වැනි සංශෝධනයද කඩිනමින් සම්මත කර ගනු දැකීම තම අපේක්ෂාව බවද මහලේකම්වරයා ජනාධිපතිවරයාට එහිදී පවසා තිබේ.