29032024Fri
Last update:Mon, 04 Mar 2024

"සත්‍ය වෙනුවෙන් හා ශීලාචාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මම පෙනී සිටිනවා" : අගමැති.

rnilgee miturn htrdenek indiiy kaebinettttuvee innvluඅද උදැසන පාර්ලිමේන්තුවේ දී මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සත්‍ය වෙනුවෙන් හා ශීලාචාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්,

"අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ ලංකාවේ ඉපදුණු කෙනෙක්. ලංකාවේ හැදුණු වැඩුණු කෙනෙක්. ලංකාවේ අධ්‍යාපනය ලබපු කෙනෙක්. ලංකාවේ රැකියාව කරපු, රටට ආදරය කරන, උගත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු මුලින්ම රැකියාව කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. 2006 වෙනකොට රාජපක්ෂවරුන්ට හිතවත් නැති වෙනස් මත දරන ශිෂ්ට පුරවැසියන් බොහෝ පිරිසකට මේ රටේ ජීවත්වෙන්න බැරි තත්ත්වයක් රාජපක්ෂ රෙජිමය විසින් ඇති කළා. සුළු ජාතිකයන්ට ඒ තත්ත්වය දරුණු වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් වුණු ගමන් රාජපක්ෂ රෙජීමය කළ වැරදි සියල්ල නිවැරදි කරන මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මරණ බයෙන් රට හැර ගිය සියලු දෙනා ආපසු ගෙන්වා ගැනීමට තීන්දු කළා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වගකිමක්. අද ඒ වගකීම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා භාරගෙන තියෙනවා. අපි ඒකට දිවිහිමියෙන් ඒකට සහය දෙන්න තීන්දු කර අවසන්. එතුමා ආරක්ෂා කර ගැනීම තමා මේ රටේ ප්‍රතිවිප්ලවය පරාජය කරන පළමු පියවර. මේ රටේ ජනතාවටත් හොරෙන් එක පවුලක් ජනතාවගේ මුදල් බිලියන ගණනක් ගසා කෑවා. අද අපි ඒ හොරකම් සොයනවා. ඒ මුදල් සියල්ල ආපසු ජනතාවට ලබා දෙනවා. ඒවා සොයන්න අපට උදව් කරන එක ඔබතුමාලාගේ වගකීමක්.

අද ලෝකයේ හැම රටක් ම අපට උදව් කරනවා. ජාත්‍යන්තර වශයෙන් අප කොන්වෙලා නැහැ. ඒ නිසා අපි කියනවා හොරු වෙනුවෙන් පෙනීසිටින්න සූදානම් වෙන්න එපා කියලා. එක පවුලක් පෝෂණය කරනවා වෙනුවට මුළු රට ම පෝෂණය කරන්න, පෝෂණය කරන මෙහෙයුමක් දියත් කරන වෙලාවක් මේ. අපේ කකුලෙන් අදින්න එපා"