20042024Sat
Last update:Thu, 18 Apr 2024

ලාංකික ඉංජිනේරුවා නිදහස්

රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජීරියාවේ සිරකරගෙන සිටි ඩී.ඒ. කරුණාදාස ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී 9.30 ට පමණ නිදහස් කළ බව වාර්තා වේ.

නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව සනාථ කර ඇති බව ද ඇතැම් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

ඔහු නිදහස්කර ගැනීමේ කොන්දේසි ගැන මෙතෙක් විස්තර අනාවරණය වී නොමැති අතර ඔහු ආරක්ෂිත ස්ථානයක සිටින බව ද සඳහන් වේ.