13032025Thu
Last update:Tue, 07 Jan 2025

මම රජෙක් නෙමෙයි ජනතාවගේ නායකයෙක් - ජනපති

mainpic Lජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි 23 වැනිදා සවස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරය ක ෙළ්ය.

පොළොන්නරුව මාදුරුඔය ජලාශය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙහිදී මහවැලි වාරිමාර්ග කෘෂිකර්ම නිලධාරින් හා මහවැලි ගොවීන් සමඟ සුහද කතා බහක යෙදී සිටියහ.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ශාන්තිපුර නන්දාරාමයට හා පුලස්තිපුර ශ්‍රී ශාක්‍ය බිම්බාරාම, විහාරස්ථානවලට ගොස් බුදුන් වැඳ විහාරාධිපතිවරුන් බැහැ දැක දායක සභා උත්සවවලට ද සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මම රජෙක් නොව මහජනයාට සේවය කරන ජන නායකයෙක් බවත්, ජනතාව මා පත් කළේ මේ රට තුළ හොඳ යහපාලනයක් ඇති කර වංචාව දූෂණය නැති කර හොඳ රාජ්‍ය පාලනයක් ඇති කිරීමටයි.

ඒ කටයුත්ත මා නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. දැහැමි සමාජයක් ගොඩ නැගීමට නම් අපි සියලුම දෙනා එක්සත් වී සැමගේ සමගියෙන් යුතුව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව තුරන් කිරීමට කටයුතු කළ යුතුය.

අපි කවුරුත් එකමුතු වුණොත් කවදාවත් අපේ රට විදේශ බලවේගවලට යටත් කළ නොහැකිය. ඒ නිසා යහපාලනයෙන් යුත් රටක් ගොඩ නගා ගත යුතු බව ජනාධිපතිවරයා කීය.