29102025Wed
Last update:Fri, 10 Oct 2025

එල්ටීටීඊ සැමරුම් උත්සවයට තහනම් නියෝගයක්

මුලතිව් ප්‍රදේශයේ අද (18) දිනයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ එල්ටීටීඊ සැමරුම් උත්සවයක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 අදාළ සැමරුම් උත්සවය පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ අනුව හෙට මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ කිසිදු ස්ථානයක එල්ටීටීඊ සැමරුම් උත්සවයක් පැවැත්වීම, අධිකරණ නියෝගය මගින් තහනම් කර ඇත.