20042024Sat
Last update:Thu, 18 Apr 2024

මහ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක්

WICKREMESINGHEමහ මැතිවරණයෙන් පසුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තුවේ දී ඊයේ (28) ප්‍රකාශ කෙළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීමේ විවාදයේ පිළිතරු කතාව කරමින් අගමැතිවරයා එසේ කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

1978 දී විධායක ජනාධිපති ක්‍රමය ඉදිරිපත් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු පස්දෙනකු අදත් මේ සභාවේ සිටිනවා . මමත් ජෝශප් මයිකල් පෙරේරා, ජයවික්‍රම පෙරේරා, පී දායාරත්න, සහ ආර් සම්බන්ධන් මහතා හැර අනෙත් අය මෙයට පක්ෂව ඡන්දය දුන්නා. 1972 ජනරජයක් වූ අවස්ථාවේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බලාපොරොත්තු වූ ප්‍රගිතිය ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය ඇතිව අගමැතිනිය හදිසි නීතය යටතේ රට පාලනය කළා. අප 1978 දී විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට ජනවරමක් ඉල්ලුවා. ඒ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමටයි. ඒ පියවර නිසා පරිවර්තනයක් කිරීමට හැකි වුණා. මාසකිහිපයකින් විවෘත ආර්ථිකයක් ඇති කර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදි කළා. උදාගම් ව්‍යාපෘතිය වැනි දේ මඟින් රට සංවර්ධනය කළා.

ඒ ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය තුළින් එහි භුක්තිය අප තවම ලබනවා. ඉන්පසු 13 වැනි සංශෝධන ඉදිරිපත් කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පසු මඟින් ක්‍රියාත්මක කිරීමටයි. ඒ පියවර නිසා පරිවර්තනයක් කිරීමට හැකි වුණා. මාසකිහිපයකින් විවෘත ආර්ථිකයක් ඇති කර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදි කළා. උදාගම් ව්‍යාපෘතිය වැනි දේ මඟින් රට සංවර්ධනය කළා. ඒ ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය තුළින් එහි භුක්තිය අප තවම ලබනවා. ඉන්පසු 13 වැනි සංශෝධන ඉදිරිපත් කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පසු ඩී බී විජේතුංග මහතා පළමු වතාවට පාර්ලිමේන්තුව මඟින් ජනාධිපතිවරයෙක් ලෙස තේරුවා. පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාත්මක වූ ජනාධිපති ලෙස ඔහු සති දෙකක් කටයුතු කළා. ඉන් පසුව චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පත්වුණා.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බව කීවත් එය සිදු වුණේ නැහැ. දෙවන වර අප ඒ පිළිබඳ සාකච්ඡා කළා. ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ අනුදැනුමක් නොමැතිව පාර්ලිමේන්තු කල් තැබුවා. පාර්ලිමේන්තුව ආර්ක්ෂා කිරීමට අපට සිදුවුණා. අනුර බණ්ඩාරනායක මහතා ඒ තීන්දුව දුන්නා. 2001 දී එජාපය දිනුවා. බහුතර විශ්වාසය මත මා අගමැති වුණා. වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙක් සමඟ කටයුතු කළා. එය අමාරු ගමනක් වුණා. ටික කාලයක් ගමන ගියා. කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගත්තා. 2003 ඔක්තෝබර් මාසයේදී අගමැතිවරයාගේ අනුමැති නොමැතිව ජනාධිපතිනිය ඇමැතිවරුන් තිදෙනකු ඉවත් කළා. ප්‍රශ්නය විසඳගැනීමට බැරැව ඡන්දයකට ගියා පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණා. විධායක බලය සීමා කරන්නැයි අප ඉල්ලුවා. 17 වැනි සංශෝධන ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලුවා. යුද්ධය කිරීමට බලතල අවශ්‍ය යැයි රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවා.

ස්වාධීන කොමිසන් සභා බලතල බවත් කර බලය අතට ගත්තා. ආණ්ඩුවේ කිසිවක් අප දැන සිටියේ නැහැ. රාජපක්ෂ රෙජිමය කියා අප හැදින්වුවා. පාර්ලිමේන්තුවේ බලය ආර්ක්ෂා කිරීමට අප කැපවුණා. විධායක ජනාධීපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත් කළ යුතු බව 2013 දී එජාපය තීරණය කළා. 18 වැනි සංශෝධනය ඉවත් කළ යුතු යැයි අප ඉල්ලුවා. මෙය අපේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වුණා. මානප ක්‍රමය නැති කරන බවත් අප කීවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු බහුතුරයක් තිබුණේ විරුද්ධ පක්ෂයටයි. අපට තිබුණේ සුළුතරයක්. දින සීයේ වැඩසටහනේ වැඩ ගණනාවක් සිදු කළා. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. එමඟින් විධායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය මාර්ගයෙන් පාර්ලිමේන්තුවට වගකියන බහුතරයේ කැමැත්ත ඇති අගමැතිවරයකු පත් කිරීමටත් 17 සංශෝධනය මඟන් ව්‍යවස්ථා මණ්ඩලය සහ ස්වාධීන කොමිසන් සභා ඇති කෙ‍රෙනවා. ජාතික විධායක මණ්ඩලය ඉදිරිපත් කළ කරුණු අප සංශෝධන ‍ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.

එහි වගන්ති හයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණය තීරණය කළා. ඒ වගන්ති සියල්ලම සංශෝධනය කළා. කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයා අගමැතිවරයාට පැවරීම විධායක බලතල අඩු කිරීමකි. පාර්ලිමේන්තුව සමඟ ජනාධිපතිවරයා කටයුතු කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මෙතෙක් කල් විධායක ධූරයට පත්වන අය එය අත් හැරියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ මතය දුරු කර 19 සංශෝධනය ඉදිරිපත් කළා. ජේ ආර් ජයවර්ධන මහතා විශ්‍රාම ගිය පසු දිනක් මා සමඟ කතා කරන අවස්ථාවකදී බලයට එන කිසිවකු බලය අත්හරින්නේ නැහැ යැයි පැවසුවා. පාර්ලිමේන්තු බලය වැඩි කිරීමට ක්‍රියා කිරීම මෛත්‍රිපාල සිරිසේන මහතා ඓතිහාසික ක්‍රියාවක්. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විය යුතු බව විපක්ෂය පවසනවා. විපක්ෂයේ සහාය නැතිව අපට ‍19 සංශෝධනය සම්මත කර ගැනීමට බැහැ.

ව්‍යවස්ථා සභාවේ අගමැති කතානායක, විපක්ෂ නායක ඇතුළත් කර අනෙක් අය බාහිර අය පත් කළ යුතු බවයි අපේ මතය වූයේ. නමුත් දැන් මන්ත්‍රීවරුන් හත් දෙනකුත් බාහිර අය තුන්දෙනකුත් පත් කිරීමට සංශෝධනය කළා. එය මටත් ප්‍රශ්නයක්. නමුත් අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා උගත් සංවිධානවලින් නම් කෙරෙනවා. අපි එකට එකතු වී වැඩ කළත් මහ ඡන්දයට යන්නේ වෙනවෙනමයි. ඉන්පසුව එකට වැඩකළයුතුයි. මුළු පාර්පලිමේන්තුව ආණ්ඩුවක් ලෙස ක්‍රියාකළ යුතුයි. අප අලුත් ක්‍රමයට වෙස්මිනිස්ටර් ක්‍රමයේ ඉදිරියට යායුතුයි. ඩේවිඩ් කැමරන් මහතා ගිවිසුමකින් අවුරුදු පහක් ආණ්ඩුව ගෙන ගියා. ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳා ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහිකිරීමට හැකි විය යුතුයි. ඡන්ද ක්‍රමය සංශෝධන කිරීමට තිබෙනවා. මෙය මූලික පියවරයි. එසේම ඓතිහාසික පියවරක්. ජනාධිපතිතුමාටත් කතානායකතුමාටත් මා ස්තුතිය පුදකරන අතර 19 සංශෝධනය සම්මත කරන්නැයි මේ සභාවෙන් ඉල්ලා සිටිනවා.