25042024Thu
Last update:Thu, 18 Apr 2024

තානාපති සේවා පුරප්පාඩු තනතුරු වහා පුරවන්න පියවර

දැනට පුරප්පාඩු වී පවතින තනාපති සේවයේ තනතුරු කඩිනමින් පිරවීමට පියවර ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අදාළ පුරප්පාඩු සඳහා පත්කරන්නන්ගේ නම් මේ වනවිට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට යොමුකර තිබෙන අතර එහි අනුමැතියෙන් අනතුරුව එම පත්කිරීම සිදුකරන බව එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මේ වනවිට තනාපති සේවයේ නිලධාරීන්ගෙන් බොහෝ සංඛ්‍යාවක් ආපසු මෙරටට කැඳවා තිබීම හේතුවෙන් එම රටවල තනාපති සේවයේ පුරප්පාඩු ඇති වී තිබෙන බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය දේශපාලන වශයෙන් තානාපති පත්වීම් ලද සියලු දෙනා කැඳවීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.