16102025Thu
Last update:Fri, 10 Oct 2025

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

maithripala sirisenaසාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊ‍යේ (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

අතීතයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් අණ බෙරකරුවන් මාර්ගයෙන් ගෙයින් ගෙට ගොස් බෙදාදීම සිදුවූ අතර මෙය සිංහල අලුත් අවුරුදු සීට්ටුව නමින් හැඳින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින් මෙහිදී අණබෙරකරු මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්විණ.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ලිප ගිනි දැල්වීම, ආහාර අනුභව කිරීම, වැඩ අල්ලා ගනුදෙනු කිරීම හා නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී කරුණු මෙම නැකැත් සීට්ටුවේ ඇතුළත්ව ඇත.

සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ද අමාත්‍යාංශයේ ලේකම් එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.