16102025Thu
Last update:Fri, 10 Oct 2025

සා.පෙ උඩින්ම දිනූවෝ මෙන්න

examination1මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවා හිමිකරගෙන ඇත. පහත දැක්වෙන්නේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් සිසු සිසුවියන්ගේ නම් ය.

ප්‍රථම ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහ

දෙවැනි ස්ථානය- ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. සඳනි නවංජනා ජයවර්ධන

මෙවර සිසුවියන් ති දෙනෙකු තුන්වන ස්ථානයට හිමි කර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.

තෙවන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ අමාෂි නිවර්තනා

තෙවන ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා මහා විද්‍යාලයේ නුවනි නෙත්සරණි

තෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ගරුණි හංසපානී අබේසිංහ