11042025Fri
Last update:Tue, 07 Jan 2025

20 විසඳාගැනීමට බැරිනම් මහ මැතිවරණයක් පවත්වන්න

sobitha himi 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (20) නාග විහාරයේ පැවැති සුළු පක්ෂ නියෝජිත හමුවකට සහභාගි වෙමිනි.

මැතිවරණයක් පැවැත්වූ පසු ස්ථාවර රජයක් බිහිවෙනවා. වර්ථමාන ජනාධිපතිවරයාත් සිටිනවා. එසේ බිහිවන ස්ථාවර රජයට මැතිවරණ ක්‍රමය පමණක් නොව මීට වඩා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සකස් කිරීමට හැකිවන බව ද නායක හිමියෝ කීහ.

මාදුළුවාවේ සෝභිත නාහිමි - පරණ ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට රටේ ජනතාවට හදිසියෙක් නැහැ. මැතිවරණ ක්‍රමයක් සියලු ජාතීන්ට සියලු පක්ෂවලට සාධාරණ විය යුතුයැයි සුළු පක්ෂ ඉල්ලා සිටින්නේ ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදෙන ලෙසයි. තමන් කැමැති අපේක්ෂයාට හා තමන් කැමැති පක්ෂයට මේ අනුව ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.