17072024Wed
Last update:Wed, 08 May 2024

ජනාධිපති කාර්යාලයේ වියදම් මි.1476ක් ඉතිරි කළා

Wickremesinghenew 0ජනාධිපති ලේකම් කාර්යාලය 2014 වසරේ දී වැය කළ මුදලට සාපේක්ෂව 2015 වසරේ දී වැය කළ මුදල් ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 1476 ක මුදලක් ඉතිරි කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප්‍රකාශ කළේය.

මෙම ඉතිරි කිරීම විශාල මුදලක් බවත් පැවැති රජයේ සහ වත්මන් රජයේ වෙනස මෙයින් වටහා ගත හැකි බවත් අගමැතිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කරන ප්‍රතිපාදන වෙනුවෙන් මේ මුදල්ම ලබා දිය හැකි බවත් අගමැතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැය ශීර්ෂ 22 ක් පිළිබඳ ඊයේ (3) පැවැති විවාදයට එක්වෙමිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රුපියල් මිලියන 1476ක වියදමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වසරේ ඉතුරු කරගෙන තිබෙනවා. ප්‍රභූ එයර් බස් ආපසු දුන්නා. වියදම අඩු කළා.