05022025Wed
Last update:Tue, 07 Jan 2025

සුව සේවකයෝ වර්ජනයේ - හමුදාවේ 1180ක් රෝහල්වල වැඩ

healthදිවයිනේ රෝහල් ගණනාවක සුව සේවක පිරිසක් වැඩ වර්ජනයක යෙදුනද ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් යොදා එම රෝහල්වල කටයුතු යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකි වී තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කෙළේ යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් 1180 දෙනෙක් ඒ සඳහා යොදවා ඇති බවය.

රෝහල් සුළු සේවකයන් 1080 දෙනෙක් වර්ජනයේ යෙදී සිටිති. ආරක්ෂක අංශ සාමාජිකයන් 1180 පිරිසක් ඒ සඳහා යොදා සිටිති. රෝහල් කාර්ය මණ්ඩලයට සහ මහජනතාවට වර්ජනයෙන් පීඩාවක් ඇති නොවන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව වාර්තා වෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම පිරිස මෙසේ යොදවා ඇති අතර යුද හමුදාවේ 633, නාවික හමුදාවේ 441 සහ ගුවන් හමුදාවේ 106ක් මෙසේ රෝහල් කටයුතුවලට යොදවා ඇත.

helphealthකොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල, ලේඩි රිජ්වේ රෝහල, කුරුණෑගල මහ රෝහල, ඇල්පිටිය, මොනරාගල, බදුල්ල, අංගොඩ මානසික රෝහල, දියතලාව, කරාපිටිය, පානදුර, ඇඹිලිපිටිය ඇතුළු රෝහල් ගණනාවක මෙසේ හමුදාව යොදවා සිටියි.

ඕනෑම අවස්ථාවකට මුහුණ දී මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මෙසේ ‍රෝහල් සේවයට යොදවා සාමාන්‍ය‍ රෝහල් සේවකයන්ටත් ඩවා ඉහළ කැපවීමකින් කටයුතු කිරීම පිළිබඳව එම රෝහල් අධ්‍යක්ෂවරු, කාර්ය මණ්ඩල පමණක් නොව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හමුදාවට කෘතඥතාවය පළ කර සිටියි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් දහසකට වැඩි පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත යොදා ඇතත් මීට වැඩි ප්‍රමාණයක් හෝ යෙදවීමට හැකි බව බ්‍රිගේඩියර් ජයවීර මහතා පවසයි.