20042025Sun
Last update:Tue, 07 Jan 2025

වසර 10 කට පසු යුරෝපීය යානයක්

osttriyaa eyaar lyinයුරෝපීය ගුවන් යානයක් වසර 10 කට පසු අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

ඔස්ට්‍රියා එයාර් ලයින් සමාගමට අයත් මෙම ගුවන් යානය වියානා නුවරින් පිටත්ව අද පෙරවරු 7.25 ට දිවයිනටළඟා විය.

මෙම ගුවන් යානය බ්‍රහස්පතින්දා සවස යළි පිටත් වන බව සදහන්.

මාර්තු මාසයේ සිට සතියකට දින 03ක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔස්ට්‍රියා එයාර් ලයින් සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 2005න් පසු යුරෝපීය රටකින් මෙරටට මගී ප්‍රවාහන ගුවන් යානයක් පැමිණ නැහැ.

මීට පෙර යුරෝපයට යාම සඳහා ඩුබායි හෝ සිංගප්පූරුව හරහා ගමන් කිරීමට සිදුවීමෙන් මගීන්ට විශාල කාලයක් වැයකිරීමට සිදු විය.