විදෙස් රටවල් 9ක් සඳහා අද නව තානාපතිවරු 9 දෙනෙක් පත් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂෙණුකා තායිලන්තයේ නව ශ්‍රීලංකා තානාපතිවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබ ඇත.
ඒ අනුව හිටපු හමුදාපතිවරුන් වන ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයට සහ ජෙනරාල් දයා රත්නායක පාකිස්තානයට ද වෙයි.
මේ අතර වයි.කේ.ඒ. රොහාන් ඉරානය,පී. සෙල්වරාජ් ඊශ්රායලයල සහ ඒ.ජී.එම්.සදීක් නෙදර්ලන්තයට පත් කර ඇත.
එමෙන්ම ඩබ්.එම් කරුණාදාස කටාර් , ආර්. ඩී.රාජපක්ෂ ස්වීඩනය, එස්.එච්.යූ දිසානායක වියට්නාමයට පත්කර ඇති බව ද සදහන්.