22102025Wed
Last update:Fri, 10 Oct 2025

නාච්චාදුවේ හදිසි දොරටු 06ම විවෘතයි

nachchaduuwaජල පෝෂක කලාප වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නාච්චාදුව ජලාශයේ හදිසි දොරටු හයම විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරයා කටයුතු කර තිබේ.

අනුරාධපුර දිස්‍ත්‍රික්කයට අධික වර්ෂාවක් පතිත නොවුවත් ජල පෝෂක කලාප වලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නාච්චාදුව ජලාශයටද විශාල ජල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් මෙලෙස හදිසි වාන් දොරටු හයම විවෘත කර ඇත.

අඩි 02 බැගින් දොරටු 04 කුත් අඩි 03 බැගින් දොරටු 02 කුත් විවෘත කර තිබේ.

ඉන් පිට කෙරෙන ජලය මල්අතුඔයට මුදා හැරේ.

වාන් මට්ටමට වඩා ජලාශයේ ජල මට්ටම අඩි එක හමාරක් පමණ පහළින් තබාගැනීම සදහා හදිසි වාන් දොරටු හය මෙසේ විවෘත කර තිබේ.