A-340 ගුවන් බස් ධාවනයෙන් ඉවතට

a 340 guvn bs eyaar bsසිය අවසන් ගමනාන්තය ලෙස මදුරාසියේ සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ අවසන් A-340 ගුවන් බස් (එයාර් බස්)යානාව අද (07දා) ධාවනයෙන් ඉවත්කරනු ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඒ-340 යානා හයක් පැවැති අතර ඉන් පහක් මීට පෙර ධාවනයෙන් ඉවත්කර තිබුණි. 

ආසියාවට පළමු වතාවට ඒ-340 ගුවන් යානා හදුන්වා දෙනු ලැබුවේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.

ප්‍රංශයේ නිශ්පාදිත මෙම ඒ-340 ගුවන් යානා එංජින් හතරකින් සමන්විතයි.

එහි එක්වර මගින් 300ට හා කාර්ය මණ්ඩලයේ 15කට ගමන් කළ හැකිය. 

මෙම ගුවන් යානා වෙනුවට ඒ330-300 වර්ගයේ ගුවන් බස් (එයාර් බස්) භාවිත කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටියි.