සංරක්ෂණය කළ අභයගිරි චෛත්‍ය 31දා විවෘත කෙරේ

28072015 130825479340457758 sarසංරක්ෂණ කටයුතු අවසන් කළ අනුරාධපුර අභයගිරි චෛත්‍යය බැතිමතුන් උදෙසා විවෘත කිරීම මේ මස 31 දින පස්වරු 2.30ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. උස අඩි තුන්සිය හළිස් පහකින්(345) හා වට අඩි එක් දහස් තුන්සිය පනස් පහක(1355) පමණ වන අභයගිරි චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු වසර දාහතක් සිදු කළේය.

වසර අටසියයක පමණ කාලයකට පසුව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන පන්සිය දහනවයක (519) පමණ මුදලක් වැය කර තිබේ.ලෝක උරුමයක් වන අභයගිරි චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සදහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රමදායකත්වය ලැබි තිබේ.

මෙහි නඩත්තු කටයුතු සඳහා විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබේ.මෙය බැතිමතුන් උදෙසා විවෘත කිරිමේ පුණය උත්සවයට සමගාමිව අද (29) හා (30 ) දෙදිනේ දී පිරිත් දේශනයක් ද තිස්වැනි දින මහා සංඝරත්නය සඳහා හීල් දානය පිරිනැමිමට කටයුතු යොදා ඇත.