පොසොන් සතියේ මිහින්තලාවට ලක්ෂ 30-40ක බැතිමතුන් ඒවි

වලවාහැංඟුණ වැවේ ධම්මරතන හිමි

පොසොන් සතිය තුළ ‍ඓතිහාසික මිහින්තලා පුදබිම වෙත ලක්ෂ 30-40ත් අතර බැතිමතුන් පිරිසක් වන්දනාමාන සඳහා පැමිණෙනු ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ලේක්හවුස් ආයතනය පොසොන් උත්සවය නිම්ත්තෙන් මිහින්තලා ආලෝක පූජාව මෙවර මහ ඉහලින් පවත්වන බවත් ඒසදහාඅනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ,මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් ප්‍රධාන පොලීසිය,ත්‍රිවිධ හමුදාව,ලංකා විදුලිබල මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය,යුධ හමුදා ඉන්ජිනේරු බලකාය,ජීවිත ආරක්ෂක බළකාය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් පොසොන් සතිය (මැයි 30-ජුනි 03) තුල මිහින්තලා පුදබිමේ ස්වේජ්ජාවෙන් සේවයේ යෙදෙනු ඇතැයි ඒ හිමියෝ පැවසූහ.

ඔරොත්තු නොදෙන පිරිසක් මේ සතිය තුළ මිහින්තලා පුදබිම වෙත පැමිණෙන බව සදහන් කළ ධම්මරතන නාහිමියෝ අයහපත් කාලගුණයත් සමග මිහින්තලා පියගැට පෙළ ලිස්සන සුළු බැවින් ලිස්සා වැටීමට ඇති අවකාශ වැඩි බැවින් වන්දනා කරුවන් මනා සිහිකල්පනාවෙන් එහි ගමන් කරන ලෙසද ඉල්ලා සිටියහ. එසේම ගැට කපන්නන්ගෙන් ආරක්ෂාවෙන ලෙස කී ඒ හිමියෝ

මේ දිනවල අධික වර්ෂාවත් සමග අනුරාධපුරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල වැව් අමුණු පිරී ඉතිරී ඇති බැවින් දියනෑමේදී ඉතා ප්‍රවේශම් වෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී. මිහින්තලා පුදබිම වෙත පැමිණෙන සියලු බැතිමතුන් සුදුවතින් සැරසී ඉතා සංවරව හැසිරෙන ලෙසද කී ඒ හිමියෝ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති කිසිදු දේපලකට හානි නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියහ.‍