පළාත් ආයතන 21 කාළය අවසන්

EMBLEM pllaat paaln aaytnතවත් පළාත් පාලන ආයතන 21 ක නිළ කාලය ලබන සිකුරාදායින් අවසන් වෙයි. 

එටමන්ම කොළඹ සහ හම්බන්තොට යන මහනගර සභා 02 හි නිළ කාලය ද මේ මස 31 වනදායින් අවසන් වනු ඇති.

මේ වන විට අවසන්ව ඇති පළාත් පාලන ආයතන 312 ක නිළ කාලය අවසන්ව ඇති අතර ඒවායේ කටයුතු සිදු වන්නේ එම පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් යටතේයි. 

මේ අතර මීළග පළාත් පාලන මැතිවරණය සියයට 70 ක් කොට්ඨාස ක‍්‍රමයට සහ සියයට 30 ක් සමානුපාතික ක‍්‍රමයට පවත්වන බවටයි වාර්තා වන්නේ.

එම පළාත් පාලන ආයතන 21 මෙසේය

දෙහිවල ගල්කිස්ස,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,මොරටුව,මීගමුවගම්පහ,ගාල්ල,මාතර,මහනුවර,මාතලේ සහ නුවර එලිය මහ නගර සභාව ඒ අතර වෙයි.

එමෙන්ම කුරුණෑගල,බදුල්ල,රත්නපුර,අනුරාධපුරය,කලුමුණේ,කොලොන්නාව,කොටිකාවත්ත,සූරිය වැව,හම්බන්තොට,කුණ්ඩසාලේ,මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභා ද ඇතැයි සදහන්.