28032024Thu
Last update:Mon, 04 Mar 2024

විගණකාධිපති වාර්තා‍වේ පරස්පරතා ගැන ‍සොයා බලනවා

ranil wickramasinghe 2රාජ්‍ය ණය පිළිබඳ විගණකාධිපති වාර්තා‍වේ පරස්පරතා ඇතිවු‍ණේ ‍කෙ‍සේදැයි ‍සොයා බලන බවත් රජය විසර්ජන පනතින් අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා ‍ගෙන ‍‍‍නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (22) ප්‍රකාශ ක‍ළේය.

රජය ණය සීමාව ඉක්මවා ණය ලබා‍ගෙන ඇත්නම් රට තුළ මුදල් භාවිතය අඩුවන බවත් ‍පොලිය වැඩිවිය යුතු බවත් ‍පෙන්වාදුන් අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලෙන් හා විගණකාධිපති වාර්තා‍වෙන් පරස්පරතා ඇති බව ප්‍රකාශ ක‍‍‍ළේය. රජය අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා‍ගෙන ඇති බවට විගණකාධිපති වාර්තා‍වේ සඳහන්වන බව ප්‍රකාශ කරිමෙන් අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නි‍යෝග 23(2) යට‍තේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු ‍දෙමින් අගමැතිවරයා ‍මේ බව කියා සිටි‍යේය. රාජ්‍ය ණය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගතවී ඇත්නම් ඒ පිළිබඳ ‍සොයා බැලීමට තමන් කැපවන බවත් ඒ පිළිබඳ ‍සොයා බැලීමට පාර්ලි‍මේන්තු මුදල් කමිටුවට ‍යොමු කරන බවත් වික්‍රමසිංහ මහතා ‍පෙන්වා දුන්නේය. ‍මෙහි දී අදහස් දැක්වූ මුදල් ඇමැති රවී කරුණානායක මහතා සඳහන් ක‍ළේ, රජය විසර්ජන පනතින් අනුමත උපරිම ණය සීමාව වූ රුපියල් බිලිනය 1780 ඉක්මවා ණය ලබාගැනීමක් සිදු කර ‍නොමැති බවය.මූල්‍ය විනය ආරක්ෂා කරන්න රජ‍යේ ක්‍රියා පටිපාටිය බව ‍පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මුදල් නිදහස් කිරීම සිදු කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයට ‍පෙර දින‍යේ දී බව ‍පෙන්වාදුන්නේය.

රජය ණය සීමාව ඉක්මවා මුදල් ලබා‍ගෙන ඇති බවට සඳහන් කරමින් සාම්ප්‍රදායට පටහැනිව කිසිදු විද්‍යානුකූල පදනමක් ‍නොමැතිව ‍‍ප්‍රකාශ කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ‍කෙ‍රෙහි වැරැදි චිත්‍රයක් සමාජගත කිරීම සුදුසු ‍නොවන බව ද මුදල් ඇමැතිවරයා කී‍වේය.