ජනපති ‘බ්ලූ රිජ්’ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

President 01 janapaශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් කොළඹ වරායට පැමිණ තිබෙන අමෙරිකානු නාවික හමුදාවට අයත් බ්ලූ රිජ් (Blue Ridge) නෞකාවේ නිරික්ෂණ චාරිකාවක නිරත වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පෙරවරුවේ පැමිණියේය. නෞකාවට පැමිණි ජනාධිපතිතුමා අමෙරිකානු නාවික හමුදාව විසින් හමුදා උත්තමාචාර සහිතව ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත්තේ ය. බ්ලූ රිජ් නෞකාව දින පහක සංචාරයකට කොළඹ වරායට පැමිණ තිඛෙන අතර 2011 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

බ්ලූ රිච් නෞකාව සමඟ අමෙරිකානු නාවිකයන් 900 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිඛෙන අතර ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග කෙටි අභ්‍යාසයක ද නිරත වීමට නියමිතය.

නෞකාව නිරික්ෂණය කළ ජනාධිපතිතුමා එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සමඟ ද සුහද කථා බහක නිරත විය. එහිදි ජනාධිපතිතුමා වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.