පාතාල රැල්ල වහා මඬින්න ජනපතිගෙන් උපදෙස්

presi 02 0316වර්ධනය වෙමින් පවතින පාතාල අපරාධ රැල්ල මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා පොලිස්පතිවරයාට හා යුද හමුදාපතිවරයාට පසුගියදා උපදෙස් ලබාදී ඇත.

බස්නාහිර හා දකුණු පළාතේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල හා පාතාල ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමුකරමින් මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර දැනට මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ පාතාල කණ්ඩායම් 15 ක් හා අනු කණ්ඩායම් දහයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකර ඇත. පසුගියදා සිදුවු දක්ෂිණ සංවරධන අධිකාරියේ හිටපු සභාපති ඝාතනයේ සැකකරු මරා දැමීම හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ විත්තිකරුවකු වූ දෙමටගොඩ චමින්දට වෙඩි තැබා තුවාල කිරීම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත.

 වැඩපිළිවෙල දෙකක් පසුගියදා(05) සිට ආරම්භ කළ බව පොලීසිය පවසයි.

පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙඩි තැබීම් සිද්ධීන් , මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් සැලකිල්ලට ගෙන මෙම විශේෂ වැඩ සටහන ආරම්භ කළ බවත්, එය බස්නාහිර පළාතේ මේ වන විට ක්‍රියාත්මක වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම විශේෂ වැඩපිළිවෙල බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.

බස්නාහිර පළාත තුළ පොලිස් කොට්ඨාශ දහයක් ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් පිහිටුවා එම පොලිස් කණ්ඩායම් මගින් බුද්ධි තොරතුරු එක් රැස්කිරිම,විමර්ශන කටයුතු කිරම,වැටලීම් හා අත් අඩංගුවට ගැනීම් සිදු කිරිම සිදුකරන අතර විශේෂ ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මත කිරිමද මේ අනුව සිදුකෙරේ.කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, කොළඹ උතරු, කළුතර පානදුර, ගල්කිස්ස, නුගේගොඩ කැළණිය,ගම්පහ හා මීගමුව යන පොලිස් කොට්ඨශ දහය තුළ දරුණු ගනයේ අපරාධ කරුවන් හදුනාගෙන ඹවුන් අත් අඩංගුවට ගැනීමට වැටලීම් සිදු කිරිම, නීති විරෝධි ගිනි අවි හා ආයුධ අත් අඩංගුවට ගැනීමට ක්ෂණික මෙහෙයුම් දියත් කිරිම, දරුණු ග‍නයේ අපරාධයක් වු සැණින් ක්‍රියාත්මක වි විමර්ශනයකිරිම් සිදුකිරිම මේයටතේ ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.

බස්නාහිර පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන 102 මූලික කොට ගනිමින් විශේෂ මාර්ග බාධක ස්ථාපිත කරන බවද පොලිසිය පවසයි.

මෙම විශේෂ වැඩපිළිවෙලට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ද ලබාගන්නා බව ද පොලිසිය සඳහන් කරයි.මෙම මාර්ග බාධක යොදවා අපරාධකරුවන් හා ඹවුන් ගමන්ගන්නා වාහන අත්අඩංගුවට ගැනීම සිදුකරන අතර එම මාර්ග බාධක අදාල පොලිස් ස්ථානාධිපති වරයාගේ නායකත්වයෙන් සිදුකෙරේ.

කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරි හෝ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ මෙහෙයුම් සිදුකෙරේ. දෙමටගොඩ චමින්ද,කඩුවෙල සමයන්,බ්ලුමැන්ඩල් සංඛ,මිනුවන්ගොඩ සාගර,දකු‍ණේ සංජීව, පොඩි ලැසී,ගාල්ලේ අඩෝ,සුදු මල්ලී (ගාල්ල), දකුණේ මදුෂ්,‍දෙවුන්දර තමිල්,ගීත් ගුණසේකර,හම්බන්තොට ආමි අමිල,උක්කුවා,කෙසෙල්වත්තේ දිනුක සහ මිනුවන්ගොඩ දේවක යන පුද්ගලයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායම් සිදුවන අපරාධයන් මෙහෙයවන බවට කරුණු අනාවරණය වෙමින් පවතී.