ජනපති ශිව ප්‍රතිමා නරඹයි

president 07 janaමහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් බම්බලපිටිය ලෝරන්ස් පාරේ පිහිටි සරස්වතී මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන භාරතයේ විවිධ පළාත්වල වන්දනා කරන ශිව ප්‍රතිමා 12 ක් නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (6) පස්වරුවේ එක්විය. ශිව බැතිමතුන්ගේ ආගමික විශ්වාස සහ ඇදහිලි නිරූපණය කෙරෙන ප්‍රදර්ශනය ද නැරඹූ ජනාධිපතිවරයා ආගමික ආශිර්වාදය ද ලබාගත්තේය. බ්‍රහ්මකුමාරි රාජ යෝග මධ්‍යස්ථානය මෙම ශිව ප්‍රතිමා ප්‍රදර්ශනය සංවිධානය කරයි. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය