ප්‍රජාතන්ත්‍රවාදී විධායකයන්ගේ ලෝක සම්මේලනය කොළඹ දී

colombo nightරටවල් 56කට අයත් දේශපාලන පක්ෂ 70ක නියෝජිතයන් සහභාගිවන අන්තර් ප්‍රජාතන්ත්‍රවාදී විධායකයන්ගේ ලෝක සම්මේලනය මේ සතියේදී කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මේ සමුළුවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා දැනට දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අගමැති ජෝන්කී යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය. වෙනස්වන ගෝලීය ආර්ථික සන්දර්භය ඉදිරියේදීද, ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආර්ථික අවශ්‍යතා සපිරීම සුරක්ෂිත කරන නිසා සැලසුම් සකස් කිරීම පිළිබඳව මේ සමුළුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

වෙනස්වන ලෝක ආර්ථික තත්ත්වය හමුවේ ජනතා ගැටලුවලට පිලියමක් ලෙස නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම හා අඩු වැටුප් ගෙවන රැකියා වෙනුවට උසස් වැටුප් හා සේවා තත්ත්වයන් සහිත රැකියා ඇති කිරීම වැනි ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න ගණනාවක් කෙරෙහි මේ සමුළුවේදී අවධානය යොමු කැරෙනු ඇත.