ආරක්ෂක හමුදාවන්ට ජගත් පිළිගැනීමක් ලබා දෙනවා

01 arkshakaවර්තමානයේ ක්‍රියාත්මක වන පරීක්ෂණ කිහිපයක් පිළිබඳ කිසිවකු කළබල නොවිය යුතු බවත් ආරක්ෂක හමුදාවන් අන්තර්ජාතිකව පිළිගත් කණ්ඩායමක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන් හමු වූ සෑම වේලාවකදීම තමන් උත්සාහ කරණුයේ ශ්‍රී ලංකා හමුදාවන් නවීන තාක්ෂණයෙන් යුත් හමුදාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීමට බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තරය සහ රට තුළ සිවිල් ජනතාව යම් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියහොත් එය නොකර සිටීමට නොහැකි යයිද කිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඊයේ (25) අරලිය ගහ මන්දිරයේ පැවැති විරුසර වරප්‍රසාද කාඩ්පත එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා-

මේ රටේ සිදුවූ අපරාධ පිළිබඳ ජාත්‍යන්තරයෙන් විවිධ චෝදනා කරනවා. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කියා ඉල්ලීම් කරනවා. මේ පරීක්ෂණවලින් ඉලක්ක කරන්නෙ හමුදාවේ රණ විරුවන්, බුද්ධි අංශ සාමාජිකයන් බවට ද ඇතැමෙක් චෝදනා කරනවා. යම් සිද්ධියක් වූ විට සිවිල් සමාජය ඒ පිළිබඳ සොයා බලන්න කියා ඉල්ලීමක් කළ විට පරීක්ෂණ නොකර සිටින්න බැහැ. පරීක්ෂණ නොකළ සිටියහොත් රජය අපහසුවට පත් වෙනවා. රට අපහසුතාවයට පත් වෙනවා. ඒ අපහසුතාවයන්ගෙන් රට නිදහස් කර ගන්න ඕනෙ. යම් සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන විට සිවිල් සමාජයේ සහ ආරක්ෂක අංශයන්හි පුද්ගලයන් සැකයට පාත්‍රවිය හැකියි.

මේ අවස්ථාවට සහභාගි වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ 2018 වන විට රණ විරුවන්ගේ නිවාස ගැටලුව විසඳන බවයි.