බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් නැහැ

wijayadasa rajapakshaදේශපාලන සිරකරුවන් බන්ධනාගාර තුළ නෑ. උපවාසයේ නිරතව සිටින සිරකරුවන් සම්බන්ධව තීරණය කළ යුත්තේ රජයයි. ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයට ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැකි බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එල්ටීටීඊ සැකකරුවන් දෙසිය විසිපස් දෙනෙකු බන්ධනාගාර තුළ සිටින බවත් ඒ අතරින් කොටසකට දඬුවම් නියම කර ඇති බවත් තවත් පිරිසකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එල්ටීටීඊ සැකකරුවන් සියලුම දෙනා බෝම්බ පිපිරවීම් සහ මිනීමැරුම් සඳහා චෝදාන ලැබුවන් බවත්ය.